20 January 2026

logo

වැඩිහිටි නිවාසයක ගින්නක් - 16දෙනෙක් ජීවිතක්ෂයට



ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පිහිටි වැඩිහිටි නිවාසයක ඊයේ (28) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් පුද්ගලයන් 12දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන බවයි.

එම ගින්න හටගත් අවස්ථාවේදී වැඩිහිටියන් බොහෝදෙනෙක් සිය කාමරවල විවේකීව සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය බොහෝ දෙනෙක්ගේ මළ සිරුරු ඔවුන්ගේ කාමර තුළ තිබී සොයා ගත් බවයි.    

(colombotimes.lk)