17 May 2026

logo

කළු ගඟේ කුඩා ගඟ අනු ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි



පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ 'කුඩා ගඟ' අනු ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා ගඟ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

(colombotimes.lk)