ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පොලීසියේ පර්යේෂණ හා සංවර්ධන ඒකක සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්පූර්ණ කර ඇති සහ අවසන් කිරීමට ආසන්න පර්යේෂණ, ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගනිමින් ඒ සඳහා ආයෝජනයට ඉඩ ප්‍රස්ථාව ලබාදීම තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ NIRDC ඒකකය ස්ථාපිත කර තිබෙනවා.
(colombotimes.lk)