18 May 2026

logo

විදේශ ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවයි



විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) හදිසි තාක්ෂණික දෝෂයක් හට ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස අත්හිටුවා තිබෙනවා. 

එම අමත්‍යංශය සඳහන් කළේ අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී හැකි ඉක්මනින් e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. 

(colombotimes.lk)