විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය මඟින් දිනයක් වෙන්කරවා ගැනීමට සහ එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමටද හැකියාව පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද (23) දිනයේදී යම් පුද්ගලයෙක් දිනයක් වෙන්කර ගන්නේ නම් ඔහුට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකි වන්නේ ජුනි 27 වනදා බවයි.
මාර්ගගත ක්‍රමයට දිනයක් වෙන් කිරීමේදී දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරි දිනයක් ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.
(colombotimes.lk)