26 December 2024


හිටපු අමාත්‍යවරු 04ක් CIDයට කැඳවයි



කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන් 04 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (27) කැඳවා තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු ,නසීර් අහමඩ් සහ විදුර වික්‍රමනායකව මෙසේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ සහ රමේෂ් පතිරණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදී තිබෙනවා.
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසර ලබා දුන්නා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)