colombotimes.lk
සිංහල | English

07 May 2024

නිදහස් පක්ෂය ජනපති ගැන අසතුටෙන්



‍13 වන ව්‍යස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සිදුකරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම් හෙලාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. 

රට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අර්බුදයකට ගමන් කරමින් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා. 
 
එමෙන්ම සෑම අවස්ථාවකදීම බලය බෙදීමට උත්සාහ ගැනීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට බලය අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියා. 
 
කෙසේවෙතත් රට ඉදිරියට ගෙනයාම සඳහා උතුරු - නැගෙනහිර ජනවාර්ගික ගැටලුවට විසඳුමක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අවධාරණය කළා.
(colombotimes.lk)