colombotimes.lk
සිංහල | English

22 September 2024


ගාල්ල දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් වෙයි



2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායකයි.

ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 336,721ක්.

සජිත් ප්‍රේමදාස 189,555ක්ද, රනිල් වික්‍රමසිංහ 107,336ක්ද, නාමල් රාජපක්ෂ 24,382ක්ද සහ දිලිත් ජයවීර ඡන්ද 8,263ක්ද ලෙස ඡන්දය ලබාගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 903,163ක් වුවත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ ඡන්ද 725,361ක්.

එයින් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 12,541යි.

වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ඡන්ද 712,820ක්.

(colombotimes.lk)