ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙක් වන ඊබ්‍රාහිම් අකීල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවයි.
බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ජේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් අනතුරුව ඊශ්‍රයලය එල්ල කළ දෙවන ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)