02 April 2025


ගම්මන්පිල නිදොස් කොට නිදහස්



ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයෙක් වන සිඩ්නි ජයසිංහ යන පුද්ගලයන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළා.  

(colombotimes.lk)