colombotimes.lk
සිංහල | English

18 October 2024


රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් ගේට්ස් පදනමේ සහය



ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක අද (03) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකාර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුලු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදි ක්ෂේත්‍රයන්ට අදාළ  ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වා දුන් චන්දිත සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)