පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (24) තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 897,977ක් දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.
එය පසුගිය 21වනදා සටහන් වුණේ රුපියල් 902,067ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,350ක් දක්වා අඩුවී තිබෙනවා.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,040ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,720ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)