රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වායි.
ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00 න් අවසන් කෙරුණා.
(colombotimes.lk)