වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය සඳහන් කළේ පුද්ගලයන් 450ක් මේ වන විට මධ්‍යස්ථාන 3ක පුනරුත්ථාපනය කරන බවයි.
එමෙන්ම පුනරුත්ථාපන කාර්යාංශය යටතේ මධ්‍යස්ථාන 03ක් පවතින අතර එහි පුද්ගලයන් 1120 දෙනෙක් පුනරුත්ථාපනය කිරීමට හැකියාව පවතින බව එම කාර්යාංශය පවසනවා.
මේ වන විට එම මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 670ක් පුනරුත්ථාපනය සඳහා ඉඩ පහසුකම් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)