08 May 2025


ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දෙයි



ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලන ගැටුම්වලට කිසිසේත්ම මැදිහත් නොවන බවයි.

ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවද ඔහු සඳහන් කළා.
 

 
(colombotimes.lk)