රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදු කළ සංගණනයේ මූලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන් සංඛ්‍යාව 1,150,018ක් වන බවයි වාර්තා වන්නේ.
එම සේවකයන්ගෙන් 50.5%ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 49.5%ක් වන බව එම වාර්තාවේ සඳහන්.
2016 වර්ෂයෙන් පසුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයන්ගේ සංගණනය පසුගිය වසරේ සිදුකර තිබෙනවා.
එහිදී රාජ්‍ය අංශයේ සේවකයන් 938,763දෙනෙක් සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255දෙනෙක් සිටින බවට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
2016 වර්ෂයේ සිදු කළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයන් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරන අතර එය 59.5%ක් වන බවයි වාර්තා වන්නේ.
මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයන් මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවනයන් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතළත් නොවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)