colombotimes.lk
සිංහල | English

08 September 2024


ආසියාව දිනූ අපේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ තිළිණයක් (VIDEO)



Hangzhou 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම අද (16) සිදු කෙරුණා. 

ඒ, MAS හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සහයෝගිතාවයෙන්. 
 
ඒ අනුව Twinery Innovations by MAS පරිශ්‍රයේ Hive Auditorium ශාලාවේ මෙම උත්සවය සංවිධානය කර තිබුණා. 
 
Hangzhou 2022 ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු සහභාගී වූ අතර පදක්කම් 11ක් දිනාගනු ලැබුවා. 
 
එම පදක්කම් අතර රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුලත් වනවා.
 
මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ඇඟළුම් නිර්මාණය සිදු වුණේ LABEL BY MAS සන්නාමය යටතේයි.
 
මේ අතර අද දිනයේදී ඔවුන් සියළුම දෙනාට MAS ආයතනයෙන් අගයමින් සමරු තිළිණ ලබාදීමක් ද සිදු කෙරුණා. 
 
එම අවස්ථාවේ සම්පූර්ණ වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැකියි.
(colombotimes.lk)