මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම කාරක සභාවේ සභාපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා හට හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහුට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාගෙන තිබෙනවා.
(colombotimes.lk)