19 March 2025


සෞඛ්‍ය ‍වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකියි - ජනපති



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර සාකච්ඡාවක් අද (19) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින්  ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බවයි.

රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවත් රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම සහ රාජ්‍ය සේවය දිරිගැන්වීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීමට රජයේ අවධානය යොමුවූ බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)