19 April 2025


අයවැයට 100%ක් සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙන්න



2025 පෙබරවාරි 17වනදා සිට මාර්තු 21වනදා පැවති අයවැය ආශ්‍රිත රැස්වීම් 27න් 100%ක පැමිණීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10දෙනෙක් පමණක් වාර්තා කර තිබෙනවා.

ඔවුන් අතරින් රජයේ පාර්ශවය නියෝජනය කරන තිදෙනෙක් පමණක් සිටීම විශේෂත්වයක්.

ඒ අමාත්‍ය බිමල් රත්නායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන පිරිසයි.

එමෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් වන ඩී. වී. චානක, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, කේ. සුජිත් සංජය පෙරේරා සහ රවී කරුණානායක එම රැස්වීම් සියල්ලට සහභාගී වී තිබෙනවා.



(colombotimes.lk)