25 June 2025

logo

හොරණ - කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි



හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්.  

හොරණ -  කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළේ මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවයි.

වර්ජනය හේතුවෙන් අපහසුතාවයට ලක්වී සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙනවා.  

වර්ජනයේ නියුතු පුද්ගලයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හොරණ - කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස අයතා අන්දමින් මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙසයි. 

(colombotimes.lk)