colombotimes.lk
සිංහල | English

09 May 2024

WRESTLING ශූර "Iron Sheik" දිවිගමන නිමා කරයි



'Iron Sheik' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික මල්ලවපොර ශූරයෙකු වන Hossein Khosrow Ali Vaziri මියගොස් තිබෙනවා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81ක් වූ බවයි වාර්තා වන්නේ. 
 
1973දී ඇමෙරිකාවේ පැවැත්වෙන World Wrestling Entertainment (WWE) තරගාවලිය හා එක්වූ ඔහු පුරා වසර 30කට ආසන්න කාලයක් එම තරගාවලිය නියෝජනය කළා. 
 
මීට අමතරව 1983 වසරේදි Backlund පරාජයට පත්කරමින් ඔහු World Heavyweight (WWF) ශූරතාවය ජයග්‍රණය කළා. 
 
ඔහු එම ශූරතාවය දිනාගත් එකම ඉරාන ජාතිකයා වීම විශේෂත්වයක්.
(colombotimes.lk)