ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මාස 06කට පමණ පසු අද (10) ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.13ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.26ක් ලෙසයි.
2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු.300 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
(colombotimes.lk)