colombotimes.lk
සිංහල | English

25 April 2024

IPL 2023 | IPL කිරුළ පස්වන වරටත් චෙන්නායිවරුන්ට (Match Highlights)



මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්වීමට චෙන්නායි කණ්ඩායම සමත්වුණා. 

ඒ අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගනිමින්. 
 
ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකර ගත්තේ 5වන වතාවටයි. 
 
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්වුණා. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. 
 
ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවුණා. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිතිකරුවෝ තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 15 අවසානයේ ලකුණු 171 රැස්කරගෙන තරගයේ ජය හිමිකරගත්තා.
(colombotimes.lk)