colombotimes.lk
සිංහල | English

20 May 2024

IPL 2024 | Sunrisers Hyderabad කණ්ඩායමට විශිෂ්ට ජයක්



Lucknow Super Giants සහ Sunrisers Hyderabad කණ්ඩායම අතර ඉන්දීය ප්‍රිමිය ලීගයේ 57 වන තරගය ඊයේ (08) හයිද්‍රාබාද් හිදී පැවැත්වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

එහිදී Nicholas Pooran ලකුණු 48ක් සහ Ayush Badoni ලකුණු 55ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී ලකුණු 167ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sunrisers Hyderabad ඉනිම ශක්තිමත් කිරීමට Travis Head පන්දු 30ක් තුළ ලකුණු 89ක් සහ Abhishek Sharma පන්දු 28කදී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Sunrisers Hyderabad කණ්ඩායමට කිසිවෙකුත් නොදැවී තම ජයග්‍රහණය කරා යාමට හැකි වුණා.
(colombotimes.lk)