colombotimes.lk
සිංහල | English

19 April 2024

IPL අවසන් මහා තරගය අද



මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) Chennai Super Kings සහ Gujarat Titans යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

මෙම අවසන් මහා තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදී Gujarat Titans කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම අවසන් මහා තරගයට Gujarat Titans කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ, තුන්වන අවසන් පූර්ව තරගයේදී Mumbai Indians කණ්ඩායම පරාජයට පත් කරමින්.

එමෙන්ම සිව්වතාවක් IPL ශූරතාව දිනූ Chennai Super Kings සහ ගියවර IPL ශූරයන් වූ Gujarat Titans යන කණ්ඩායම් දෙක මෙම අවසන් මහා තරගයට තේරී පත් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)