ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 ඊයේ (01) සවස් වන තුරු පැවැත්වුණා.
ඒ කොළඹ ආනන්ද විද්‍යාලයීය පරිශ්‍රයේදීයි.
එම නිවේදන තරගාවලිය තරග අංශ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණා.
එමෙන්ම මෙම තරගාවලිය සඳහා දිවයිනේ නන්දෙසින් දරු දැරියන් රැසක් පැමිණ සිටියා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තුමා සහ මාධ්‍ය ඒකකය භාර ආචාර්ය තුමා ඇතුළු අනෙකුත් සියලුමදෙනා කියා සිටියේ එම වැඩසටහන සාර්ථක අන්දමින් නිම වූ බවයි.
(colombotimes.lk)