colombotimes.lk
සිංහල | English

05 May 2024

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ඉවතට



තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා සති අන්තය වන විට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තහවුරු කරනවා. 

ඒ අනුව ආනයන සීමා කිරීම්වලට යටත් භාණ්ඩ සංඛ්‍යාව 1,216 දක්වා අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ. 
 
ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කර හා ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට රජයට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. 
 
එම තීරණවල ප්‍රතිඵල දැන් ක්‍රමක්‍රමයෙන් මහජනතාව භුක්ති විඳිමින් සිටින බවත් ඔහු සඳහන් කළා. 
 
ආනයන සීමා කිරීම් හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපෑම් එල්ල වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර දැන් ක්‍රමානුකූලව සීමාවන් ලිහිල් කරමින් පවතින නිසා පොලී අනුපාත අඩු කිරීමට ද පියවර ගෙන ඇති බවයි ඔහු පැවසුවේ. 
 
එවැනි ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට ඉවහල් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)