03 January 2025


පාසල් 200ක් සඳහා ස්මාර්ට් පන්ති කාමර



ගාලු දිස්ත්‍රික්කයේ පාසල් 200ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. 
 
ඒ, නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පන්ති කාමර පිහිටුවීම කඩිනම් කිරීමේ අරමුණෙන්. 
 
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් ඊයේ (19) මෙම ගිවිසුම අත්සන් තැබූ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. 
 
ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද රාමුවට අනුකූලව මෙය සිදුකිරීමට නියමිතයි.
(colombotimes.lk)