'ක්ලීන් ශ්රී ලංකා' වැඩසටහනට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කිරීමට, රථ වාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් විශේෂ රථවාහන මෙහෙයුමක් සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි ආරම්භ කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඊයේ (02) සිට ක්රියාත්මක මෙම මෙහෙයුමේදී රථ වාහන සම්බන්ධයෙන් පවතින වැරදි පිළිබඳව විශේෂ අවදානයක් යොමු කරන බවයි.
ඒ අනුව ඝෝෂාකාරී නලා සවි කිරීම්, විවිධ වර්ණ සහිත පහන් සවි කිරීම්, පිටුපස සහ බඳෙහි පැතිවල චිත්ර මෝස්තර, වෙළද දැන්වීම් ප්රදර්ශනය කර ඇති වාහන පිළිබඳව සහ බස් රථවල නලා භාවිතය සම්බන්ධයෙන් එම මෙහෙයුමේදී අවධානය යොමු වනවා.
(colombotimes.lk)