21 May 2026

logo

ඉන්දියාවට තාප තරංග තත්ත්වයකින් දැඩි බලපෑම්



ඉන්දියාවට තාප තරංග තත්ත්වයකින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙන්නේ මේ හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් දක්වා ඉහළ යා හැකි බවයි.
 
එමෙන්ම අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සෙවන සහිත ස්ථාන හෝ නිවාස තුළ කාලය ගත කරන ලෙසද එරට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)