තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කළගම් පක්ෂයට සහය ලබාදීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් DMK පක්ෂය සමඟ දීර්ඝ කාලයක් පැවති සන්ධානයෙන් ඔවුන් ඉවත්වන බව ලිපියකින් දන්වා ඇති බවයි.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී තමිළග වෙට්ට්‍රි කළගම් පක්ෂය ආසන 108ක් දිනාගත් අතර කොංග්‍රස් පක්ෂය ආසන 05ක් දිනාගෙන තිබෙනවා.
(colombotimes.lk)
