ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.
ඔහු අගමැතිවරිය සමඟද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා ආකාරය, ඉන්දු ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි ආකාරයද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට නිල සංචාරයක නිරත වන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා බවට අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පත්වනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් 8 දෙනෙක්ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.
(colombotimes.lk)