13 June 2026

logo

ඉන්දීය උප ජනාධිපති දිවයිනට



ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවයි.

එමෙන්ම දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද මෙම සංචාරයේදී හුවමාරු කරගැනීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන් අද (19) සහ හෙට (20) කටුනායක අධිවේගී මාර්ගය සහ කොළඹ නගරය අවට විශේෂ රථ වාහන සැලැස්ම ද ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)