12 May 2025


තරග සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි සහ අගෝස්තු මාසවල විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියකට සහ එක්දින තරග 3කින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

විස්සයි විස්ස තාරගාවලියේ පළමු තරගය ජූලි 27 වනදා, 2වන තරගය ජූලි 28 වනදා සහ 3වන තරගය ජූලි 30 වනදා පැවැත්වෙනවා.

මෙම විස්සයි විස්ස තරග සියල්ල මෙරට වේලාවෙන් රාත්‍රී7.00ට ආරම්භ වනවා.  

එමෙන්ම එක්දින තරගාවලියේ පළමු තරගය අගෝස්තු 2 වනදා, 2වන තරගය අගෝස්තු 4 වනදා සහ 3වන තරගය අගෝස්තු 7 වනදා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග වන අතර එම තරග දහවල් 2.30 ආරම්භ වනවා.

කෙසේ වෙතත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

(colombotimes.lk)