මන්ත්‍රීවරුන්ට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණය අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එම රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා අඩු කරන බවයි.
එය ලබන අගෝස්තු මාසයේදී ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධන පනත සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)