01 April 2025


අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්



සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් සෞඛ්‍ය උපාධිධාරීන් 25දෙනෙක්ට ඇප ලබාදී තිබෙනවා.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අධිකරණ නියෝග කඩකර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරීන් 27දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ තවත් එක් අයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)