colombotimes.lk
සිංහල | English

18 October 2024


ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද



හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ ඉරාන ජනපතිගේ උපන් ගම වන මාෂාඩ් නගරයේදී සිදු කිරීමට නියමිතයි.

ඉරාන ජනාධිපති ඇතුළු මිය ගිය පිරිසගේ දේහයන් මේ වන විට ඉරානයේ ටෙහෙරාන් නගරයේ ග්‍රෑන් මුසල්ලා මන්දිරයේ තැන්පත් කර තිබෙනවා.

මිය ගිය පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයින් රැසක් ටෙහෙරාන් නගරයට පැමිණෙමින් සිටින අතර කටාර් රාජ්‍යයේ එමීර් තමීම් බින් අල් තානි, ට්‍යූනීසියා ජනාධිපති, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මෙන්ම හමස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද ඒ අතර වනවා. 

(colombotimes.lk)