13 June 2026

logo

ඇමරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්



ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන IRIS DENA නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ලබාදෙන බව ඉරාන හමුදාපති අමීර් හතාමි අනතුරු අඟවා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙහෙයුම නිමා කර යළි ඉරානය බලා පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.

එමෙන්ම සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ IRIS DENA නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතින බවයි.  

(colombotimes.lk)