13 June 2026

logo

ඉරාන ජනපති සමාව ඉල්ලයි



ඉරානය විසින් කලාපීය රටවල්වලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රටවලින් සමාව ඉල්ලා තිබෙනවා. 

ඔහු මේ බව සඳහන් කළේ ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් හරහායි. 

අසල්වැසි රටවල්වලට ප්‍රහාර එල්ල කිරීමට සිය රටට අවශ්‍යතාවක් නොමැති බවත් සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීමට කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රටවලින් එල්ල නොවන්නේ නම්, සිය රටද කලාපීය රටවලට පහර නොදෙන බවයි. 

(colombotimes.lk)