24 May 2026

logo

යුද්ධයෙන් සිදු වූ ජීවිත හානි ගැන ඉරානයේ අලුත්ම වාර්තාව



ඇමරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට කුඩා දරුවන් 208දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉරානය පවසනවා.

ඒ පසුගිය පෙබරවාරි 28වනදා යුද්ධය ආරම්භ වූ දා සිට අද දක්වා කාලය තුළයි.

ඉරාන හදිසි සේවා අංශ ප්‍රධානියා පවසා ඇත්තේ යුද්ධය ආරම්භයේදී මිනාබ් නගරයේ බාලිකා පාසලට එල්ල වූ එක්සත් ජනපද මිසයිල ප්‍රහාරවලින් මියගිය දරුවන් ගණනද 168 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි. 

එලෙස මියගිය දරුවන්ගෙන් 13දෙනෙක් වයස අවුරුදු 05ට අඩු බවත්, බාලම දරුවා දින 03ක් වයසැති බවත් ඉරානයෙන් වාර්තා වනවා.

ඉරාන රජය උපුටා දක්වමින් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේ මේ දක්වා ඉරානය පුරා සිවිල් වැසියන් 1,500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

(colombotimes.lk)