20 November 2025

logo

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 25දෙනෙක් මිය ගොස් තිබෙන බවයි. 

එමෙන්ම ගාසාහී නැගෙනහිර සයිටවුන් ප්‍රදේශයේ ආගමික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
 
ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ සති පහක් පැවති සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් හමාස් සංවිධානය විසින් සිය සොල්දාදුවන් ඉලක්ක කරමින් කළ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

(colombotimes.lk)