දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් භාවිතා කරන ලෙසයි.
ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බව පොලීසිය ප්‍රකාශ කළා.
(colombotimes.lk)