ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් 'MURASAME' නෞකාව නිල සංචාරයක් සඳහා අද (22) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් 'MURASAME' නෞකාව දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200කගෙන් සමන්විතයි.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නැවේ කාර්යමණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 'MURASAME' නෞකාව එළඹෙන අඟහරුවාද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.
(colombotimes.lk)