කලාවැව ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසයි උපදෙස් දී ඇත්තේ.
ඒ කලා වැවෙන් මුදා හරින ජල ධාරිතාව ඉහළ ගොස් තිබීම හේතුවෙන්.
එමෙන්ම කලා ඔය භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්ය භාර ඉංජිනේරුවරයා දැනුම් දෙන්නේ.
මේ අතර, උල්හිටිය - රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව, රත්කිඳ ප්‍රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වනවා.
(colombotimes.lk)