16 April 2025


රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක්



2024 වසරේදී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් ලබා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ප්‍රකාශ කළා.

ඒ පසුගියදා පැවති රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගීවෙමින්.

පසුගිය වසරේදී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 825ක ලාභයක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2024 වසරේදී රාජ්‍ය දැව සංස්ථාවේ ආදායමින් රුපියල් මිලියන 2,000ක් මහා භාණ්ඩාගාරයට හා රජයට ලබාදී තිබෙනවා.

 
(colombotimes.lk)