23 January 2026

logo

අවධානයෙන් ඉන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්



උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (16) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



(colombotimes.lk)