සිරි දළඳා දැක්ම 2025' ප්‍රදර්ශනය අනිද්දා (18) සිට ලබන 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ මේ සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධිකරණය කර ගනිමින් ශ්‍රී දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කරන ලෙස පොලිස් මූලස්ථානය මඟින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.
දිවයින පුරා පොලිස් වසම්වලින් සිරි දළඳා වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් වාහන හා බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේද යන්න පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන එම වාහන සඳහා එක් වාහනයකට එක් ස්ටිකරයක් බැඟින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිළ මුද්‍රාව සහිතව මෙම ස්ටිකරය නිකුත් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනෙන අයුරින් හා රියදුරුගේ දර්ශනයට අවහිරයක් නොවන සේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙසත් බැතිමතුන්ට දැනුම්දී තිබෙනවා.