16 April 2025


ඉරාකයට වැලි කුණාටුවක්



ඉරාකයේ මධ්‍යම හා දකුණු පළාත් හරහා වැලි කුණාටුවක් හඹා ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ එම වැලි කුණාටුවෙන් අනතුරුව දහසකට අධික පිරිසකට ශ්වසන අපහසුතා සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ජෆ් පළාතේ පුද්ගලයන් 250කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාකය දේශගුණික විපර්යාසවලින් වඩාත් අවදානමකට ලක්විය හැකි රටවල් 5න් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලැයිස්තු ගතකර තිබෙනවා.

(colombotimes.lk)