18 April 2025


කෙහෙළිය රඹුක්වැල්ල CIDයෙන් පිටව යයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ' හියුමන් ඉමියුනොග්ලොබියුලින් ' එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පසුගිය 9වනදාද CIDයට පැමිණියා.
 

(colombotimes.lk)